කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 644 දෙනෙකු අද (01) දිනය තුළ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 518,526ක් දක්වා ඉහළගියා.
මේ අතර තවත් කොවිඩ් මරණ 58ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.
එම මරණ 58ත් සමඟ මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,964ක් දක්වා ඉහළගියා.
එම කොවිඩ් මරණ 58න් 31 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර සෙසු 27දෙනා කාන්තාවන්.
මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 48 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30ත් – 59ත් අතර කාන්තාවක් හා පිරිමි පුද්ගලයින් 9 දෙනෙක් වනවා.