අද (12) රාත්‍රී කාලයේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට විදුලි කප්පාදුවක් සිදුවනු ඇති බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා.
එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුගත් ධර්මකීර්ති මහතා පැවසුවේ අද (12) පස්වරු 05.30 සිට රාත්‍රි 09.30 දක්වා පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුවනු ඇති බවයි.
කැලණිතිස්ස බලාගාරය අසල පිහිටි පෞද්ගලික විදුලි බලාගාරයක් ඇති දෝෂයක් හේතුවෙන් එලෙස විදුලිය කප්පාදු කිරීමට සිදුව ඇති බව ද එම අමාත්‍යාංශය සඳහන් කළා.
ඒ අනුව, එම විදුලි බලාගාරයේ සැපයුම යථා තත්ත්වයට පත්වන තුරු නැවත දැනුම් දෙනතුරු විදුලි කප්පාදුව සිදුකරන බව විදුලිබල අමාත්‍යාංශය දැනුම් දී තිබුණා.