ඉන්ධන අර්බුදය හමුවේ විදුලි කප්පාදුවක් අද සිට කිරීමට සිදු වන බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. කෙසේ වෙතත් ඉන්ධන ලබා ගැනීම සඳහා අයිඕසී සමාගම සමඟ ද සාකච්ඡා කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.
මෙම පසුබිම හමුවේ අවශ්‍ය ඉන්ධන තොග ආනයනයට කඩිනමින් පියවර ගන්නා බවයි අප කළ විමසීමකදී මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කළේ.
විදුලිබල මණ්ඩලයට ඩීසල් මෙට්‍රික් ටොන් තුන්දහසක් ලබාදීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කිරීම හේතුවෙන් අද දක්වා විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකිව තිබෙනවා. ලබන 22 වනදා තෙක් අඛණ්ඩව විදුලිය ලබාදීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ලංකා විදුලිබල මණ්ඩලය සහ ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් සමඟ අද හෝ හෙට පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.