අධිවේගයේ සෙල්ලම් දැමූ තරුණයන් 4 දෙනා අත්අඩංගුවට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරික්ෂාකාරී ලෙස ධාවනය වූ මෝටර් රථයේ අවදානම් ලෙස ගමන් කළ තරුණයන් 4 දෙනා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අකුරණ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18-20ත් අතර පිරිසක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
මෝටර් වාහන ආඥා පනතේ වැරදි සහ අයුතු අවහිර කිරීම සහ අයුතු ජනරාශියක සාමාජිකයින් වීම යන චෝදනා යටතේ ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමට නියමිතයි.
සැකකරුවන් අද දිනයේදී පානදුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

පුවත යවන්න