අනාගත යුධ තත්ත්වයන් සදහා පකිස්ථානය නවතම පෙර සූදානමක් භාවිත කරමින් සිටින බව නවතම වාර්තාවක් මගින් අනාවරණ කර තිබෙනවා.
ඒ අනුව සංවිධානාත්මක ව්‍යාජ පුවත් බෙදා හැරීමක් මේ යටතේ සිදුකිරමින් පවතින බවයි , ජාත්‍යන්තර ඩිස්ඉන්ෆෝ ලැබ් වෙබ් අඩවිය පවසන්නේ.
මෙම මෙහෙයුමට සම්බන්ධ පුද්ගලයන්ගේ තොරතුරු හා ජායාරූප හෙළිකරමින් එම වෙබ් අඩවිය පවසන්නේ , ආසියාවේ රටවල් අතර මිත්‍රත්වය පළුදු වන ආකාරයෙන් මේ යටතේ පුවත් පළකරමින් පවතින බවයි.
මෙහිදී උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවට එල්ලවූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පලවූ මාධ්‍ය වාර්තාවන්ද පෙන්වා දී තිබෙනවා.
ඒ අනුව ඉන්දියාව අදාළ ප්‍රහාරය පිළිබද ලංකාවට කල් තබා තොරතුරු සපයා තිබියදීත් , එය ඉන්දියාවේ සැලසුමක් බව පෙන්වීමට පකිස්ථානය තැත් කර ඇති බවටයි චෝදනා එල්ල කර ඇත්තේ.
මේ සදහා පකිස්ථානය යොදාගත් ට්විටර් ගිණුම් හා එම පණිවිඩ ද ඩිස්ඉන්ෆෝ ලැබ් වෙබ් අඩවිය හෙළිකර තිබෙනවා.
මේ සදහා ශ්‍රී ලාංකික නාමයන් සහිත ව්‍යාජ ගිණුම් භාවිත කරමින් පවතින බවද එම වෙබ් අඩවිය අනාවරණ කළා.
මේ ආකාරයෙන්ම රටවල් ගණනාවක් මුල් කර ගනිමින් මෙවන් නිර්මාණාත්මක පුවත් ව්‍යාප්ත කිරීඹට ද පකිස්ථානය මුල්ව සිටින බවත් ලොව පුරා තවත් බොහෝ රටවල් එවන් මෙහෙයුම් සිදුකරන බවත් මෙම වාර්තාව අනාවරණ කළා.
විශේෂයෙන්ම ඉස්ලාම් අන්තවාදීන් විසින් මෙවන් ව්‍යාජ පුවත් යුධ මෙවලමක් ලෙස භාවිත කරන අතර එය වඩාත් බරපතල විය හැකි බවයි මෙමගින් පෙන්වා දෙන්නේ.
මෙහිදී ව්‍යාජ ගිණුම් සඳහා වැඩි අවස්ථාවක් ට්විටර් හරහා හිමිවන බවත් එයින් ලෝකය නොමග යවන බවත් ඩිස්ඉන්ෆෝ ලැබ් පෙන්වා දෙනවා.
මෙය අනාගතයේ යුධ අවියකටත් වඩා ප්‍රබල ප්‍රහාර වෙනුවෙන් භාවිත විය හැකි බවද එම වෙබ් අඩවිය අනාවරණ කළා.මේ එවන් තවත් ගිණුම් කිහිපයක් පිළිබද හෙළිකර ඇති තොරතුරුයි.