අපනයන ආදායම් වැඩි කරන්න නව ගැසට් පත්‍රයක්

මෙරට අපනයන ආදායම් වර්ධනය කර ගැනීම සදහා අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. ඒ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින්.

සෑම භාණ්ඩ හෝ සේවා අපනයන කරුවෙකුම අපනයනය කරන ලද භාණ්ඩ හෝ සේවාවලට අදාළ ඉපයීම් අදාළ භාණ්ඩ නැව්ගත කරන දිනයේ සිට හෝ සේවා සැපයූ දිනයේ සිට දින 180ක් ඇතුළත ශ්‍රී ලංකාව වෙත අනිවාර්යයෙන් ගෙන්වා ගැනීම සිදුකළ යුතු වනවා. ඊට අදාළ සියලු ලේඛණ ගත සාක්ෂි බලපත්‍රලාභී බැංකු වෙත නොපමාව ඉදිරිපත් කළ යුතුයි. අදාළ අපනයන ආදායමෙන් අවසර ලත් ගෙවීම් සිදුකිරීමෙන් අනතුරුව ශේෂය එළඹෙන මාසයේ හත්වන දින හෝ ඊට ප්‍රථම ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කරගත යුතු වනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 1949 වසරේ අංක 58 දරණ සංශෝධිත මුදල් නීති පනත යටතේ මෙම රීතීන් නිකුත්කර තිබෙනවා.

පුවත යවන්න