අමීර් ඛාන් විවාහයට සමුදෙයි

බොලිවුඩ් සුපිරි නළු අමීර් ඛාන් සහ ඔහුගේ බිරිදවන නිෂ්පාදිකාවක් හා අධ්‍යක්ෂවරියක්වන කිරාන් රාඕ විවාහයෙන් වසර 15 කට පසු දික්කසාදවන බව ප්‍රකාශ කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසා ඇත්තේ වෙන්වුද තම පුතුව එකට හදා වඩා ගන්නා බවත් තවමත් ඒකාබද්ධ ව්‍යාපෘති හා චිත්‍රපටවල වැඩ කරන බවත්ය.
“මේ සුන්දර අවුරුදු 15 තුළ සිය ජීවිත කාලය පුරාම අත්දැකීම්, ප්‍රීතිය හා සිනහව බෙදාගෙන තිබෙනවා.” යනුවෙන්ද ඔවුන් සදහන් කර ඇත.  මෙම වෙන්වීම ජීවිතයේ නව පරිච්ඡේදයක් ආරම්භයක් බවද ඔවුන් පවසා තිබේ.
56 හැවිරිදි අමීර් ඛාන් සහ 47 හැවිරිදි රාඕ පළමු වරට මුණගැසුණේ 2001වසරේ දී ය.
දශක පහකට ආසන්න කාලයක් පුරා සිය වෘත්තීය ජීවිතය තුළ අමීර් ඛාන් වඩාත් ජනප්‍රිය බොලිවුඩ් නළුවෙකු බවට පත්වී ඇති අතර ඉන්දියාවේ සහ විදේශයන්හි, විශේෂයෙන් චීනයේ විශාල රසිකයන් පිරිසක් සිටී.
පුවත යවන්න