කොරෝනා වසංගතයේ ආරම්භය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ වාර්තාව අමෙරිකාව ඇතුළු රටවල් 12ක් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකාව, කැනඩාව , ඔස්ටේ්රලියාව,චෙක් ජනරජය , ඩෙන්මාර්කය, එස්තෝනියාව, ඊශ්‍රායලය, ජපානය, ලැව්ටියා, ලිතුවේනියා, නෝර්වේ, දකුණු කොරියාව, ස්ලෝවේනියාව හා බ්‍රිතාන්‍යය මෙම මතය පලකර තිබෙනවා.
එහි දැක්වෙන්නේ කොරෝනා වෛරසයේ මූලාාශ්රය සතුන් විය හැකි බවත් , චීනයේ විද්‍යාගාර මතය බැහැර කරන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර ඇති බවයි.
එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි ආයතනයකින් හුදු මතවාද වෙනුවට විදයාත්මකව පිළිගත හැකි දත්ත සහිත තොරතුරු ඉදිරිපත් විය යුතු බවයි මෙම නිවේදනය පවසන්නේ.
කොරෝනා වසංගතයේ මූලාශ්‍රය සතුන් විය හැකිය යන්න වැනි මතයක් වෙනුවට එහි මූලාශ්‍රය පිළිබද අනාවරණ නොකළ කරුණු ලෝකයට හෙළි කළ යුතුව ඇතැයි ද අමෙරිකාව ප්රමුඛ පාර්ශව නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයේ සදහන්.
වසංගතය පාලනය කිරීමට වැදගත් වන මෙන්ම මීළග වසංගතයක් වැලැක්විය හැකි කරුණු කිසිවක් මෙම වාර්තාවේ අන්තර්ගත නොවන බවටයි චෝදනා කර ඇත්තේ.
වසංගතය ආරම්භය පිළිබද සත්‍ය සැඟවීම පිළිබද මෙහි කිසිදු කරුණක් අන්තර්ගත නොවන බවත් ධවල මන්දිරයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.