අමෙරිකාව මියන්මාරයට නව සම්බාධක පනවයි

මියන්මාරයේ යුද ගුවන් යානාවලට ඉන්ධන සැපයුම තහනම් කරමින් අමෙරිකාව සම්බාධක පනවා තිබේ.

මියන්මාරයේ ආරක්ෂක හමුදා ගෙන යන දැඩි ක්‍රියාමාර්ගවලට එරෙහිව මෙම නව සම්බාධක පැනවු බව අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මියන්මාරයේ ආරක්ෂක අංශ සිවිල්වැසියන්ට ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකාව චෝදනා කරයි.

ඒ අනුව පුද්ගලයන් දෙදෙනෙකුට හා ආයතන 3 කට එරෙහිව නව සම්භාධක පැනවු බව අමෙරිකානු රජය පැවසීය.

පුවත යවන්න