අයවැය කතාව ඉදිරිපත් කෙරෙන නොවැම්බර් 12 වනදා පාර්ලිමේන්තුවේ ගැලරි දෙකක් විවෘත කිරීමට තීරණය කර තිඛෙනවා.
වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සදහන් කළේ කතානායක ගැලරිය සහ මාධ්‍ය ගැලරිය මෙලෙස විවෘත කෙරෙන බවයි.
මුදල් අමාත්‍යවරයා විසින් අයවැය කතාව ඉදිරිපත් කෙරෙන ලබන 12 වනදා විදේශීය තානාපතිවරුන් සහ විදේශීය නියෝජිතයන් පනස් දෙනකු පමණ සහභාගී වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.
කොවිඩ් වසංගත තත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය තවදුරටත් වසා දැමීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇතග