අයවැය දෙවනවර කියවිමේ ඡන්ද විමසීම අද

අයවැය දෙවනවර කියවිමේ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වෙනවා.

අද පස්වරු 5.00ට ඡන්ද විමසීම සිදුකෙරෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

පසුගිය 12 වනදා ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන් දෙවනවර කියවීමේ විවාදය හත්වන දිනට අද ක්‍රියාත්මකයි.

හෙට (23) සිට අයවැය කාරක සභා අවස්ථා විවාදය ආරම්භ වන අතර එය ලබන දෙසැම්බර් 10 වනදා දක්වා දින 16ක් පැවැත්විමට නියමිතයි.

දෙසැම්බර් 10 වන දින පස්වරු 05.00ට අයවැය තෙවනවර කියවිමේ ඡන්ද විමසීම පැවැත්විමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

පුවත යවන්න