අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවයේ නිරත පිරිස් එම ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා කොටුව මහෙස්ත්රාත් අධිකරණය මගින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
අරලියගහ මන්දිරය ඉදිරිපිට මාර්ගය සහ පදිකවේදිකාව මෙම විරෝධතාකරුවන් හේතුවෙන් අවහිර වන බවට පොලීසිය කළ ඉල්ලීම සලකා මෙම නියෝග නිකුත් කර තිබුණා.
මේවන විට අදාළ අධිකරණ නියෝගය පොලීසිය විසින් විරෝධතාකරුවන්ට ප්රකාශ කර තිබෙනවා.
“පදික වේදිකාව භාවිත කරන මහජනතාවට හා මාර්ගය භාවිත කරනු ලබන මහජනතාවට කරදර හා බාධා නොවන ආකාරයට සිදුකරනු ලබන සාමකාමී උද්ඝෝෂණ සඳහා මෙම නියෝගය බාධාවක් නොවන බවට ද ආඥාකරමි. යනුවෙන් මහෙස්ත්රාත් මංජුල රත්නායක මහතා විසින් නිකුත් කළ නියෝගයේ වැඩිදුරටත් සඳහන්.”