මහජන අයිතීන් දිනා ගැනීමේ විරෝධතා සඳහා පූර්ණ මට්ටමේ අයිතියක් පවතින අතර එය සාමකාමී මට්ටමින් සිදුකිරීම ජනතාවගේ වගකීමක් බව ශ්රී ලංකා නීතීඥ සංගමය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සදහන් කළේ, මේ වන විට ක්රියාත්මත ඇතැම් විරෝධතාවල වාර්තා වූ කළහකාරී තත්ත්වයන් අනුමත නොකරන බවයි.
මෙම විරෝධතාවලදී අසාධාරණ මට්ටමින් අත්අඩංගුවට පත්වන ජනතාව වෙනුවෙන් නීතීඥවරුන් අඛණ්ඩව පෙනී සිටින අතර මෙම අර්බුධය විසදීම සඳහා හොඳම පියවර බලධාරීන් ජනතාවගේ හඩට සවන්දීම බවද නිවේදනයෙන් පෙන්වා දී තිබුණා.