අවශ්‍ය වුවහොත් සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් දැඩි පියවර

අවශ්‍ය වුවහොත් රට තුළ සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් පවතින නීති අනුව කටයුතු කිරීමට ද සූදානම් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසීය.
.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (31) මිරිහානේදී ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අද (01) පැවති මාධ්‍ය හමුවකදීය.

ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා,

“යම් කලහකාරී සිද්ධියක් සිදුකිරීම සඳහා සමාජ මාධ්‍ය හරහා යම් පෙළඹවීමක් තිබෙනවා නම් හෝ ඒ ගැන පෙළඹවීමේ අවදානමක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් තිබෙන නීතිය අනුව කටයුතු කරන්න සිද්ධ වෙනවා.”

පුවත යවන්න