අවශ්‍ය වුවහොත් යුක්රේනයට හමුදාව යවනවා / අමෙරිකානු ජනපති

හදිසි අවස්ථාවක් හා අවශ්‍යතාවයක් මතුවුවහොත් ක්ෂණිකව අමෙරිකානු භටයන් 8,500 ක් යුක්රේනයට යෙදවීමේ සූදානමකින් තබා ඇති බව පෙන්ටගනය පවසනවා.
100,000 සෙබළුන් පිරිසක් යුක්රේනය ආසන්නයේ රදවා සිටියද ,රුසියාව යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම ද ප්‍රතික්ෂේප කර තිබෙනවා.
රුසියානු ආක්‍රමණයට එරෙහිව පොදු උපාය මාර්ගයක් ලෙස ඉදිරි පියවර ගැනීමට නියමිත බවයි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් යුරෝපා නායකයන් හා සාකච්ජාවක නිරත වෙමින් සදහන් කළේ.
කෙසේ වෙතත් පෙන්ටගනය ප්‍රකාශ කළේ ගැටුමකදී අමෙරිකානු හමුදා යෙදවීම පිළිබඳව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.
පෙන්ටගනයේ මාධ්‍ය ලේකම් ජෝන් කර්බි පැවසුවේ , වඩාත් බරපතල තත්ත්වයක දී පමණක් අමෙරිකානු මැදිහත්වීමක් සිදුවනු ඇති බවයි.
ඩෙන්මාර්කය,ස්පාඤ්ඤය, ප්‍රංශය සහ නෙදර්ලන්තය ඇතුළු නේටෝ සාමාජිකයින්, කලාපයේ ආරක්ෂාව තර කිරීම සඳහා නැගෙනහිර යුරෝපයට ප්‍රහාරක ජෙට් යානා සහ යුද නැව් යැවීමට දැනටමත් සැලසුම් කර තිබෙනවා.
නැගෙනහිර යුක්රේනයේ ඉදිරි පෙළ ආරක්ෂකයින්, සඳහා පතොරම් ඇතුළු එක්සත් ජනපද ,යුධ ආධාර, ටොන් 90 ක් පමණ යුක්රේනයට ලබාදී තිබුණා.
මෙම සාකච්ජාවට එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන්, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්,,ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්, ඉතාලියේ අගමැති මාරියෝ ඩ්‍රාගි, පෝලන්ත ජනාධිපති ඇන්ඩ්‍රෙජ් ඩූඩා සහ නේටෝ ප්‍රධානී ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් එක්ව සිටියා.

පුවත යවන්න