ආණ්ඩුවට විරෝධය පා රාජ්‍ය /අර්ධ රාජ්‍ය සේවකයින් එක්දින වැඩවර්ජනයක

ආණ්ඩුවට විරෝධය පළ කරමින් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයින් අද දීපව්‍යාප්ත එක්දින වැඩවර්ජනයක නිරත වනවා.

එම වෘත්තීය සමිති කොළඹ දී අද පස්වරුවේ විරෝධතාවක් ද සංවිධානය කර ඇති බවයි නිවේදනය කළේ.

වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැදවුම්කරු උදේනි දිසානායක මහතා ප්‍රකාශ කළේ විවිධ කාර්යයන් සදහා අද දිනයේ රජයේ කාර්යාල වෙත පැමිණියහොත් මහජනතාව දුෂ්කරතාවට පත්විය හැකි බවයි.

මේ අතර උත්සව සමයේදී මහජනතාව විවිධ අවශ්‍යතාවයන් සඳහා කොළඹ නගරයට විශාල වශයෙන් පැමිණෙ බැවින් එලෙස පැමිණෙන ජනතාව දැනුවත් කරමින් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ විශේෂයෙන් ගාලු මුවදොර, කොටුව හා පිටකොටුව ප්‍රදේශ ආශ්‍රිතව විශාල තදබදයක් ඇතිවන බව නිරීක්ෂණය වූ බවයි.

ඒ හේතුවෙන් අද (08) පස්වරුවේ එම ප්‍රදේශ ආශ්‍රිතව විශාල රථවාහන තදබදයක් ඇතිවිය හැකි බැවින් රථවාහනවලින් ගමන්ගන්නා පුද්ගලයින් එම ප්‍රදේශ වෙනුවට වෙනත් විකල්ප මාර්ග භාවිත කිරීම සුදුසු බව මහජනතාවට දැනුම්දෙන බවද ‌අදාළ නිවේදනයේ දැක්වෙනවා.

පුවත යවන්න