ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් අද ජනපති සමග සාකච්ජාවක

ආණ්ඩුවෙන් ස්වාධීන වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, හවුල්කාර පක්ෂ 10යේ මන්ත්‍රී කණ්ඩායම හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 10 දෙනාගේ කණ්ඩායම සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් අද (10) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට අදාළව එම කණ්ඩායම විසින් ඉදිරිපත් කළ යෝජනාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද රාත්‍රී 7ට එම සාකච්ඡාව ලබාදී ඇති බව සදහන්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 දෙනා, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10 නියෝජනය කරන මන්ත්‍රීවරුන් 16 දෙනෙකු සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 10 දෙනෙකු සහ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පසුගියදා පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව දෙනු ලැබුවා.

අනතුරුව එම කණ්ඩායම විසින් සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට අදාළව කරුණු 11ක් ඇතුළත් යෝජනාවලියක් පසුගිය 08 වනදා ජනාධිපතිවරයා වෙත යොමු කළේය.

ඒ සම්බන්ධයෙන් එම නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද පස්වරු 03.00ට පැවැත්වීමට නියමිතයි.

අනතුරුව සමගි ජනබලවේගය පක්ෂයේ නියෝජිතයින් සමග ද ඔවුන් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව සදහන්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ,

“අපි පෙරේදා පක්ෂ 11 එකමුතුව තුළිනුත් අපි යෝජනා සකස් කරලා, ඇරියා ජනාධිපතිතුමාට. එහි සඳහන් වෙලා තියෙන්නේ අන්තර්කාලීන පාලනයක් සකස් කිරීමයි. ඒ තුළින් අපි බලාපොරොත්තු වෙනවා. මුලික වශයෙන් රට සන්සුන් කරලා, තිබෙන තෙල් අර්බුදය, ගෑස්, ආහාර, ඖෂධ, විදුලිය මේ ප්‍රශ්න සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට වහ වහා කටයුතු කිරීම. ඒ යවපු යෝජනා තුළ සඳහන් වෙනවා 20 වෙනි සංශෝධනය අහෝසි කරලා, 19 සංශෝධන සහිතව සම්මත කළ යුතුයි කියලා. 19 සම්මත කිරීම තුළ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වෙනවා. ජාත්‍යන්තර සහයෝගය ලැබෙනවා ආණ්ඩුවට. ඒ නිසා මුලික වශයෙන්  ජනතාවගේ තිබෙන ප්‍රශ්න විසඳීම සඳහා ජාත්‍යන්තර සහෝගීතාවය ලබාගැනීම හා ඩොලර් ප්‍රශ්නය විසඳා ගැනීම ආදි කරුණු මුල් කරගෙන ඉතාම අවශ්‍ය දෙයක් විදියට අන්තර්කාලීන මණ්ඩලය අවශ්‍ය වෙන්නේ. එම යෝජනාව කථා කරන්න ජනාධිපතිවරයා අද හවස 7ට එන්න කියලා තියෙනවා.”

පුවත යවන්න