ආණ්ඩුව තුළ පවතින කල්ලිවාදී ප්‍රවණතා පරාජය කළ යුතු බව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 8ක් ප්‍රකාශ කරයි.
ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 8ක් මේ බව දක්වා තිබුණා.
ඉන්ධන මිල වැඩි කිරීමට රජය ගත් තීරණය පිළිබද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා නිකුත් කර තිබු මාධ්‍ය නිවේදනයට ප්‍රතිචාර දක්වමින් මෙම නිවේදනය නිකුත් කර ඇත.
එහි දැක්වෙන්නේ ජනතාව සහ ආණ්ඩුව යන අංශ දෙකම අභියෝගාත්මක ඉරණමකට මුහුණපා සිටින මෙවැනි අවස්ථාවක කවර ආණ්ඩුවකට වුව ද, ජනප්‍රිය නොවන තීරණ ගැනීමට සිදුවන බවයි.
අදාළ නිවේදනය පහතින් දැක්වේ.