ආණ්ඩුවේ ඉන්නවාද? යනවාද / ශ්‍රීලනිප තීරණය මෛත්‍රීට භාර කරයි

ආණ්ඩුව තුළ තවදුරටත් රැඳී සිටින්නේද? නැද්ද? යන්න තීරණය කිරීමට පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පක්ෂ මධ්‍ය කාරක සභාව අවසර ලබාදී තිබේ.

රටේ පවතින තත්ත්වය මත එම තීරණය ගැනීමට එලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාට අවසර හිමිවූ බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසීය.

එම පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව ඔහු වැඩිදුරටත් පැවසුවේ, එම තීරණය සතියක් තුළ දැනුම් දීමට නියමිත බවය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම ඊයේ පස්වරු 5.30 සිට පැය 3ක පමණ කාලයක් කොළඹ ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණි.

පුවත යවන්න