ඇමෙරිකාව,  බ්‍රිතාන්‍ය සහ ඕස්ට්‍රේලියා නව සන්ධානයට චීනයේ විරෝධය

ඇමෙරිකාව,  බ්‍රිතාන්‍ය සහ ඕස්ට්‍රේලියාව එක්ව ඇතිකරගත් නව ආරක්ෂක ගිවිසුමට චීනය විරෝධය පළකර තිබෙනවා.

ඇතිකරගත් නව ආරක්ෂක ගිවිසුම ඉන්දු පැසිපික් රාජ්‍ය තාන්ත්‍රික,  ආරක්ෂක හා සහයෝගීතා ගිවිසුමක් වන අතර ඒ යටතේ ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍ය ඉතා සංවේදී න්‍යෂ්ටික සබ්මැරීන තාක්ෂණය ඕස්ට්‍රේලියාවට ලබා දීම සිදුවනවා.

මෙමගින් කලාපීය සාමයට බාධා එල්ලවන අතර ආයුධ තරගය තීව්‍ර වන බවයි චීන විදේශ අමාත්‍යාංශය පවසන්නේ.

න්‍යෂ්ටික අපනයනයන් දේශපාලනික න්‍යාය පත්‍රයන් සදහා මෙවලමක් ලෙස භාවිතා කිරීමක් ලෙසයි චීනය මෙම කටයුත්ත හදුන්වාදී තිබෙන්නේ.

මෙම ද්විත්ව ප්‍රතිපත්තීන් අතිශයින්ම වගකීම් විරහිත බවද චීනය වැඩිදුරටත් පවසනවා.

පුවත යවන්න