ඇමෙරිකාවේ දරුවන් අතර ශ්වසන රෝග පැතිර යාමේ ප්‍රවණතාවක්

ඇමෙරිකාවේ දරුවන් අතර ශ්වසන රෝග සීඝ්‍රයෙන් පැතිර යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවට එරට සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා.

කොරෝනා වයිරස ව්‍යාප්තිය මේ වන විට යම්තාක් දුරකට පාලනය වී තිබුණද ශ්වසන රෝග පැතිරයාමේ අවධානමක් මතුව තිබෙනවා.

ලොස් ඇන්ජලිස් ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය ළමුන්ගෙන් පිරී පවතින  බවයි වාර්තා වන්නේ. මෙම ශ්වසන රෝග කැස්ස හා සෘජු සබදතා මගින් පැතිර යාම බහුලව දක්නට ලැබෙනවා.

රෝගී තත්ත්වය සාමාන්‍යයෙන්  බරපතලන නොවූව ද කුඩා දරුවන් හා වයස්ගත පුද්ගලයින්ට වැළදුන අවස්ථාවලදී බරපතල තත්ත්වයන් උද්ගත කළ හැකි බවටයි සෞඛ්‍ය අංශ අනතුරු අගවන්නේ.

ඇමෙරිකාවේ ඇතැම් රෝහල් තුළ ඉඩ පහසුකම් අවමවීම හේතුවෙන් කෝවිඩ් ව්‍යාප්ති සමයේදී මෙන් රෝහලෙන් පිටත රෝගීන් තැබීම සදහා කූඩාරම් නිර්මාණය කර ඇති අයුරුද දක්නට ලැබෙනවා.

පුවත යවන්න