තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ බලය අත්පත් කර ගැනීම සමඟ විදේශිකයන් රටින් පලා යිම මේ වන විට ක්රියාත්මක වනවා.
කාබුල් ගුවන් තොටුපලේ රැදී සිටින අමෙරිකානු හමුදා විසින් තානාපති අංශ හා විදේශිකයන් ඉවත් කර ගැනීම මෙහෙයවනු ලබනවා.
මේ අතර ඇෆ්ගනිස්ථාන වැසියන් පිරිසක් ද ගුවන් තොටුපලට ඇතුළුවී ගුවන් යානාවලට ගොඩවීමට තැත් කිරීම සමග අද අර්බුධකාරී තත්ත්වයක් හටගත්තා.
මෙහිදී ගුවන් යානයක රෝදයක් තුල සැඟවී පළායාමට උත්සාහ කළ ඇෆ්ගන් ජාතික තරුණයන් 3 දෙනකු ගුවනේ දී බිමට ඇද වැටීමෙන් මරණයට පත් වුණා.
Three Kabul residents who were trying to leave the country by hiding next to the tire or wing of an American plane, fell on the rooftop of local people. They lost their lives due to the terrible conditions in Kabul. pic.twitter.com/Cj7xXE4vbx
— Sayed Tariq Majidi (@TariqMajidi) August 16, 2021