ඇෆ්ගනිස්ථානයේ දී ලිඳක සිරවූ කුඩා දරුවා මිය යයි

දින හතරක් ඇෆ්ගනිස්තානයේ ළිඳක සිරවී සිටි සය හැවිරිදි කුඩා දරුවා මරණයට පත්ව තිබෙනවා.
අඛණ්ඩව දින කිහිපයක් පුරා සිදුකළ මෙහෙයුමකින් පසු අද එම දරුවා ගොඩ ගෙන තිබුණද ඒ වන විටත් ඔහු මිය ගොස් සිටි බවයි ඇෆ්ගනිස්ථානයේ තලේබාන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේදින හතරක් ඇෆ්ගනිස්තානයේ ළිඳක සිරවී සිටි සය හැවිරිදි කුඩා දරුවා මරණයට පත්ව තිබෙනවා.ශක අනාස් හකානි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කළේ.
මීටර 25ක් තරම් ගැඹුරු ළිදක අභ්‍යන්තර කුහරක් වෙත මෙම දරුවා ඇද වැටී තිබුණා.
දින 3ක් පුරා එම ලිඳ තුලින් ශබ්ද නිකුත් වුවද ඊයේ සිට දරුවාගෙන් හඩක් නිකුත් නොවූ බවයි දැනුම්දී තිබුණේ.
දකුණු සාබුල් හීදී අනතුරට පත්වූ දරුවා හයිදර් ලෙස හැදින්වෙන බවයි ,ඇෆ්ගන් වාර්තා සදහන් කළේ.

පුවත යවන්න