ඉන්දියාව ණය ලබා දෙන්නේ සද්භාවයකින් තොරව බවත් ශ්‍රී ලංකාවට ලොකුම හානියක් කරන රටක් ලෙස ඉන්දියාව දැක්විය හැකි බවත් රටට මේ තත්ත්වය ඇති වුණේ උද්ධච්ඡ තීරණ නිසා බවත් හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ පවසයි. වර්තමාන ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ඉරිදා ලංකාදීප පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩි දුරටත් කියා සිටින්නේ ඉන්දියාව තවදුරටත් අපව මේ අර්බුදයේ හිර කරන බවය.
“ අපට කොහොන් හරි ඩොලර් ඕන. නිත්‍යානුකූලද නීතිවිරෝධිද කියලා ඩොලර්වල ගහලත් නෑ. මේ අවුරුද්දෙ ජූලි මාසයේ දී ඩොලර් බිලියනයක ණය මුදලක් ගෙවන්න වෙනවා. ඒක ගෙවන්නවත් පුළුවන් මට්ටමක නොවෙයි රට තියෙන්නේ. ඒ නිසා නිසා කොහෙන් හරි ඩොලර් ගේන්න කියානවා. ඒත් රට ආරක්ෂා වෙන විදියට තමයි ඩොලර් ගේන්න ඕනි. රටේ කෑල්ලක් කඩාලා දීලා සල්ලි අරන් වැඩක් නෑ. අපට ලොකුම හානියක් කරන රටක් තමයි ඉන්දියාව. ඔවුන් ණය දෙන්නේ සද්භාවයකින් තොරව බව අපට තේරෙනවනෙ. ඒ නිසානේ අවුරුද්දකින් ගෙවීමේ පදනම මත ඒ ණය දුන්නේ. අවුරුද්දක් යනකොට අපි තවත් හිරවෙන බව දන්න නිසානෙ. අපි හිරවෙන එක වළක්වන්න බෑ. ”
“ අද රට ගෙනියන්නේ විද්වතුන්වත් ආර්ථික විශේෂඥයන්වත් නෙවෙයිනෙ. කිසිම අවබෝධයක් නැති හොරකමට වංචාවට කැමති පිරිසක් එකතු වෙලා තමයි රට ඉස්සරහට ගෙනියන්නේ. ඔවුන්ගේ උද්ධච්ඡ තීන්දු තීරණ නිසා තමයි මේ තතත්වය ඇති වුණේ. ” – Lankadeepa