ඉන්දියාව හා චීනය සබදතා ශක්තිමත් කර ගැනීමේ සූදානමක

ලොව පුරා කොරෝනා එන්නත් සැපයීම පිළිබඳව නවදිල්ලියට වොෂින්ටනය ප්‍රශංසා කිරීමත් සමඟ ඉන්දියාව හා අමෙරිකාව අතර උපායමාර්ගික හවුල්කාරිත්වය සහ බහුපාර්ශ්විකත්වය ශක්තිමත් කිරීමට තීරණය කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය රජය පවසන්නේ , දෙරට අතර සියළු සබඳතා නව මානයකට යොමුකිරීමේ සමය මේ සමග ආරම්භ වන බවයි.
දකුණු ආසායාතික කලාපයේ ප්‍රධානතම අමෙරිකානු මිතුරා ලෙස කටයුතු කරමින් ආසියාවේ වර්ධනයට නායකත්වය දක්වන බවද ඉන්දියාව පවසනවා.
මේ වන විට ඉන්දියාව මහා පරිමාණයෙන් කොරෝනා එන්නත් ලෝකයට සපයමින් පවතින අතර එය අමෙරිකාවේ පැසසුමට ලක්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ.
කෙසේ වෙතත් මෙය චීන විරෝධී පෙරමුණක මූලික සාධකය ලෙසද නම් කර තිබෙනවා.

පුවත යවන්න