ඉන්දියාවට අසාධ්‍යයි / දිනක් තුල ආසාදිතයන් ලක්ෂ 2ක් / මරණ 1100 ක්

මෙතෙක් වාර්තා වූ දෛිනක වැඩිම කොරෝනා ආසාදිතයන් ගණන ඊයේ ඉන්දියාවෙන් වාර්තා වුණා.
ඒ අනුව පැය 24තුල එරටින් වාර්තා වන ආසාදිතයන් ගණන ලක්ෂ 2ක්.
මේ සමග කොරෝනා මරණ 1093 ක් ද ඊයේ දිනයේ දී ඉන්දියාවේ සිදුව තිබෙනවා.
මෙසේ ආසාදිතයන් වර්ධනයවීම සමග ඇතැම් ප්‍රාන්තවල රෝහල් ධාරිතාවය ඉක්මවා යමින් පවතින බවයි එන් ඩී ටීවී පුවත් සේව වාර්තා කළේ.
ඒ අනුව රෝහල් ලෙස භාවිත කිරීම සඳහා ඇතැම් හෝටල් යොදා ගනිමින් පවතින බවයි අනාවරණ කර ඇත්තේ.
බරපතල මට්ටමේ ආසාදිතයන් ප්‍රවාහන කිරම සඳහා ගිලන්රථ හිඟයක්ද මතුවිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.

පුවත යවන්න