ගතවූ දිනය තුල ඉන්දියාවෙන් දිනකදී වාර්තාවූ වැඩිම ආසාදිතයන් ගණන හා වැඩිම මරණ සංඛ්‍යාව වාර්තාවී තිබෙනවා.
ඒ අනුව කොරෝනා ආසාදිතයන් 412,000 ක් හා කොරෝනා මරණ 3980ක් ඊයේ දිනය තුල එරටින් වාර්තා වනවා.
මේ සමග ඉන්දියාවේ කොරෝනා මරණ 230,000 ඉක්මවා ගියා.
මේ අතර ඉන්දීය රජයේ විශේෂඥ උපදේශකවරයකු වන , කේ විජේ රාඝවන් පවසන්නේ ඉන්දියාව තෙවන කොරෝනා රැල්ලකට සූදානම් විය යුතු බවයි.
මෙය මෙතෙක් බලපාන බරපතලම තත්ත්වය නොවන බවත් බිහිසුණුම තත්ත්වය ඉදිරියේ දී මතුවන බවත් ඔහු අවධාරණය කළා.