ඩීසල් විදුලි බලාගාර වෙනුවෙන් සෘජුවම ඉන්දීය තෙල් සමාගමින් (LIOC) ඉන්ධන මිලදී ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය සූදානම් වේ.
විෂය භාර ඇමැතිවරයා සහ විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා එක්ව ඉන්දීය තෙල් සමාගම සමග මීට අදාළ සාකච්ඡා පවත්වමින් සිටින බව විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ආචාර්ය පෙරේරා ජාතික පුවත්පතක් වෙත හෙළිකර තිබුණා.
පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් තවදුරටත් ඉන්ධන ලබාගැනීම ගැටලුසහගත බව පෙන්වාදුන් සාමන්යාධිකරිවරයා,ඉන්දීය තෙල් සමාගම සමග පවත්වන සාකච්ඡා සාර්ථක වුවහොත්, යම් නිශ්චිත මාස ගණනක් වෙනුවෙන් ගිවිසුම් අත්සන් කරමින් ණය පදනමින් අඛණ්ඩව ඉන්ධන ලබාගැනීමේ හැකියාව පවතින බව පෙන්වා දුන්නා.
මේ අතර කැලණිතිස්ස බලාගාර සංකීර්ණයට ඩීසල් මෙට්‍රික් ටොන් 10,000 ක් සැපයීමට ඛනිජ තෙල් සංස්ථාව එකඟවී ඇත.මේ හේතුවෙන් ගැටලුවකින් තොරව කැලණිතිස්ස බලාගාරයෙන් විදුලිය ජනනය කිරීමට හැකියාව ලැබී ඇති බව ලංවිම ප්‍රකාශ කරයි.
මෙම ඉන්ධන තොගය නොරොච්චෝලේ බලාගාරයේ බිඳවැටී ඇති ජනන යන්ත්‍රය නැවත යථාතත්ත්වයට පත්කෙරෙන තුරු කළමනාකරණය කර ගැනීමට බලාපොරොත්තුවන බව ප්‍රකාශ කළ ලංවිම සාමාන්‍යාධිකරිවරයා, වැඩිදුරටත් පෙන්වා දුන්නේ නොරොච්චෝලේ බලාගාරයෙන් සම්පූර්ණ ධාරිතාව ජාතික විදුලි පද්ධතියට ලැබුණහොත්, අවම ඉන්ධන භාවිතයකින් නැවත රටට අවශ්‍ය සම්පූර්ණ විදුලිය ධාරිතාව ලබාදීමේ හැකියාවක් පවතින බවයි.