ඉන්දියාවේ බෝපාල් හීදී දුම්රිය මාර්ගයකට ඇද වැටණු දැරියක් සිය ජීවිතය අවදානමට ලක් කර ගනිමින් බේරා ගැනීමට පුද්ගලයකු සමත්ව තිබෙනවා.
මොහොමඩ් මෙහෙබූබු නැමැති වඩු කාර්මිකයකු සිය සේවා ස්ථානය වෙත ගමන් කරමින් තිබියදී දැරියක් දුම්රිය මාර්ගයට ඇද වැටෙනු දැක තිබූ අතර එම අවස්ථාවේදී දුම්රියක් එම මාර්ගයේ ළගාවී තිබුණා.
එහි සිටි පුද්ගලයන් සිය ගණනක් අතරින් මෙම වඩු කාර්මිකයා පමණක් දුම්රිය මාර්ගයට පැන තිබූ අතර තුවාල ලබා සිටි දැරිය ඉන් ඉවත් කර ගැනීමට ඔහුට කාලය අවම වී තිබුණා.
ඒ අනුව ක්ෂණිකව දැරිය දුම්රිය මාර්ගයේ මැදට ඇද ගනිමින් දුම්රිය ඔවුන් මතින් ගමන් කරන තෙක් ආරක්ෂිතව රදවා ගැනීමටයි මෙම පුද්ගලයා කටයුතු කර තිබුණේ.
දැරියගේ ආරක්ෂාව වෙනුවෙන් ඔහු සිය අතින් ඇයගේ හිස පහත් කරගෙන සිටින ආකාරය ද මෙහිදී පටිගතව තිබෙනවා.
සිද්ධියෙන් ඔවුන් ජීවිත බේරාගෙන ඇති බවයි එන් ඩී ටීවී වාර්තා කළේ.
Incredible bravery! 37 year old Mehboob was returning to his factory when he and some other pedestrians saw a goods train they stopped to let it pass a girl standing with her parents in fell on the tracks Mehboob sprinted dragged kept her head down @manishndtv @GargiRawat pic.twitter.com/IDqQiBLAv7
— Anurag Dwary (@Anurag_Dwary) February 12, 2022
මෙම පුද්ගලයා වීරයකු ලෙස නම් කරමින් ඔහු ඇගයීමට නගරවාසීන් කටයුතු කරමින් පවතිනවා.
ඔහුගේ නිවස වෙත ත්‍යාග රැගෙන නගරවාසීන් පැමිණෙමින් සිටින බවයි එන් ඩී ටීවී පැවසුවේ.
මසකට පෙර තම මිතුරකු එම ස්ථානයේදීම දුම්රියේ ගැටී මිය ගිය බවත් දැරිය බේරා ගැනීමට ලැබීම සතුටක් බවත් මොහොමඩ් මෙහෙබූබු ප්‍රකාශ කර තිබුණා.