ඉන්දියාවේ ප්‍රධාන ගුවන් තොටුපල 4ක් පුද්ගලීකරණය කරයි

ඉන්දියාවේ නව දිල්ලි, මුම්බායි, බැංගලෝර සහ හයිද්‍රාබාද් ගුවන්තොටුපල සම්පූර්ණයෙන් පුද්ගලීකරණය කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව පුද්ගලික අංශයට ද කොටස් අයිතිය ලබාදී තිබූ මෙම ගුවන් තොටුපලවල ඉතිරිව ඇති කොටස් ද පුද්ගලික අංශයට අලෙවි කිරීමටයි ඉන්දීය රජය තීරණය කර ඇත්තේ.
ඉන්දියාවේ තවත් ගුවන්තොටුපළ 13 ක් පුද්ගලීකරණය සඳහා ඉදිරියේදී කටයුතු කරන බවයි බිස්නස් ස්ටෑන්ඩර්ස් පුවත්පත පවසන්නේ.
මේ සමග ඉන්දියාවේ ලාභ නොලබල සියළු ගුවන් තොටුපල පුද්ගලික අංශයට පැවරීමට සැලසුම් කර තිබෙනවා.
එම ගුවන් තොටුපල ගණන 100 ක් පමණ වන බවයි මෙම වාර්තා අනාවරණ කළේ.

පුවත යවන්න