ඉන්දියාවේ සහාය අපේක්ෂාවෙන් ඉන්නේ -අගමැති රනිල්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලැබෙන තෙක් ඉන්දියාවෙන් හිමිවන සහයෝගය පිළිබඳව ශ්‍රී ලංකාව අපේක්ෂාවෙන් පසුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

ඉන්දියාවේ එන්.ඩී.ටී.වී. නාළිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු අග්‍රාමාත්‍යවරයා,

ප්‍රශ්නය – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලැබෙන තුරු ශ්‍රී ලංකාව ඉන්දියාවේ සහාය අපේක්ෂාවෙන් සිටිනවා ද?

“අපි අනිවාර්යයෙන්ම ඉන්දියාවේ සහාය අපේක්ෂාවෙන් ඉන්නවා. ඉන්දියාව තමයි අපිට ප්‍රධාන වශයෙන්ම උදව් කරපු රට. තවත් රටවල් හිටියා නමුත් ඉන්දියාව තමයි ප්‍රධාන වශයෙන් අපිට උදව් කළේ.”

ප්‍රශ්නය – ශ්‍රී ලංකාව මේ තත්ත්වයට ඇද වැටෙන්න ප්‍රධානතම හේතුව චීනය. ඔබ එයට එකඟවෙනවා ද?

“චීනයට විශාල ණයක් තියෙනවා. නමුත් චීනය සහ ජපානය තමයි අපිට ණය දීපු ප්‍රධාන රටවල්. චීන ණය සම්බන්ධ ගැටලුව තියෙන්නේ ඒවා ආර්ථික වශයෙන් ප්‍රතිලාභ ලැබෙන ව්‍යාපෘතිවලට ආයෝජනය වුණාද කියන එක ? එතැන ගැටලුව තියෙන්නේ ඒ ආයෝජනය කරන ව්‍යාපෘති මොනවා ද කියලා තීරණය කෙරුණේ ශ්‍රී ලංකාවෙන්.”

ප්‍රශ්නය – ඔබ කියන්නේ ශ්‍රී ලංකාව වරද්දගෙන තියෙනවා කියල ද?

“මම හිතන්නේ ඒක අපිට පාලනය කරගෙන ලැබුණ මුදල් වැඩි වශයෙන් ආර්ථික වර්ධනයක් ඇති කළ හැකි ක්ෂේත්‍ර වෙත යොමු කරන්න තිබ්බා.”

ප්‍රශ්නය – අර්බුදයක් එනවා කියලා දැනගත්තහම ඔබ ඉක්මනින්ම ශ්‍රීලන්කන් එයාර් ලයින්ස් ආයතනය පෞද්ගලීකරණය කරන්න යන්නේ ඇයි?

“ඇයි එහෙම නම් එයාර් ඉන්දියා ආයතනය විකුණුවේ ? අපිට සමාන හේතුවක් නිසා. එයාර් ඉන්දියා සමාගමත් විශාල පාඩු ලැබුවා. යථා තත්ත්වයට පත්කරගන්න බැරිවෙන තරම්. අපිට තියෙන්නෙත් ඒ ප්‍රශ්නයම තමා.”

ප්‍රශ්නය – ගෝඨාභය රාපක්ෂ ජනාධිපතිට හෝ රාජපක්ෂ පවුලට එරෙහිව තිබෙන දුෂණ චෝදනාවලට ක්‍රියාමාර්ග ගන්නවා ද? ශ්‍රී ලංකාව මෙම අර්බුදකාරී තත්ත්වයට ඇදදැමීම සම්බන්ධයෙන් ?

“ඔවුන් නීතිය කඩකරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔවුන්ට විතරක් නෙමෙයි. නීතිය කඩකළ හැමෝටම එය විමර්ශන සිදුකරන අංශවලට භාරයි.”

පුවත යවන්න