ඉන්දියාවේ සිට ආනයනය කරන ලද කාබනික පොහොර බහාලුම් තුනක් පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදන්ත සිල්වා පවසයි.නාගරික කැළි කසළ යොදාගෙන මෙම කාබනික පොහොර නිපදවා තිබෙන බවට ලද ආරංචි මාර්ගවලට අනුව, අදාළ පොහොර තොගයේ තත්ත්වය පරීක්ෂාක කරන ලෙස පැළෑටි හා ශාක නිරෝධායන ඇතුළු අංශ කීපයකට සාම්පල ලබා ගන්නැයි දැනුම්දී තිබේ.
එම ආයතනවල වාර්තා ලැබෙන තුරු අදාළ බහාලුම් වරායේම රඳවා ගන්නා බව රේගුව සඳහන් කරයි.
සාලිය කුමාර ගුණසේකර