ඉන්දීය නාවික හමුදාවෙන් ලංකාවේ ධීවරයන් පිරිසකට ප්‍රහාරයක්

ජාත්‍යන්තර මුහුදේ මසුන් ඇල්ලීමට ගිය මෙරට ධීවරයින් පිරිසක් දරුණු ලෙස පහරකෑමකට ලක්ව ඇති බව වාර්තා වනවා.

ධීවරයින් පවසන්නේ මත්ද්‍රව්‍ය ඉල්ලා ඉන්දීය නාවික හමුදා නිලධාරීන් විසින් තමන්ට පැය කිහිපයක් තිස්සේ පහරදුන් බවයි.

අද පස්වරුවේ ප්‍රහාරයට ලක්වූ ධීවරයින් රැගත් යාත්‍රා දෙක දික්ඕවිට වරායට සේන්දු වී තිබෙනවා.

පහරකෑම්වලට ලක්වූ තිදෙනකු මීගමුව මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

සිද්ධියට මුහුණදුන් ධීවරයින් රැගත් බහුදින යාත්‍රා දෙක දික්ඕවිට ධීවර වරායෙන් මුහුදු ගොස් තිබුණේ මැයි මස 07 වැනිදායි.

එම යාත්‍රා දෙකේ ගමන් ගත් ධීවරයින් සංඛ්‍යාව 13ක්.

ධීවරයින් පවසන්නේ, පසුගිය 4 වැනිදා යාත්‍රා දෙකට ගොඩ වූ ඉන්දීය නාවික සෙබළුන් පිරිසක් තමන්ට පහරදුන් බවයයි.

පහරදීමෙන් පසුව යාත්‍රාවේ තිබූ පටිගත කිරීම් උපකරණ පවා කඩා දැමූ බව ධීවරයින් පවසයි.

පුවත යවන්න