ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

නැගෙනහිර ඉන්දුනීසියාවේ ෆොරස් මුහුදු කලාපයේ ප්‍රභල භූ කම්පනයක් හටගෙන තිඛෙනවා.

එහි ප්‍රභලත්වය සටහන්ව ඇත්තේ මැග්නිටියුඩ් ඒකක 7.3 ක් ලෙසයි.

ඒ අනුව එම ප්‍රදේශය අශ්‍රීතව සූනාමි අනතුරු ඇගවීමක් ද නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශය පවසනවා.

එහි සභාපති නුර වල්පොල මහතා පැවසුවේල එහි වැඩි බලපෑමක් ඔස්ට්‍රේලියාව දෙසට වෙතැයි අපේක්ෂා කරන බවයිග

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අධ්‍යනය කරමින් සිටින බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

පුවත යවන්න