පෙට්‍රල් නෞකාව මෙරටට පැමිණීම තවදුරටත් ප්‍රමාද වන බවත්, ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
ඔහු මේ බව පැවසුවේ සිය ට්විටර් ගිණුම් සටහනක් තබමිනි.
මේ අතර ඉන්ධන බෙදාහැරීම 40% දක්වා පහළ ගොස් ඇතැයි ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසයි.
එහි සමලේකම් ශාන්ත සිල්වා මහතා පැවසුවේ , දිවයින පුරා නිසි පරිදි ඉන්ධන ප්‍රවාහනය ද සිදුනොවන බවය.
ටැංකි රථ හිමියන් මෙන්ම සේවකයින්ද අදාල තත්ත්වය යටතේ දැඩි අපහසුතාවට පත්ව ඇති බව ඔහු පැවසුවේ ය.