ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව යතුරු පැදි සඳහා රුපියල් 1,000 කටත්, ත්‍රිරෝද රථ සඳහා රුපියල් 1500කටත් පමණක් ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරෙනු ඇති.

මීට අමතරව මෝටර් රථ,වෑන් සහ ජීප් රථ සඳහා පෙට්‍රල් හා ඩීසල් යන ඉන්ධන දෙවර්ගයම නිකුත් කිරීම රුපියල් 5000කට සීමා කිරීමට නියමිතයි.

බස් හා ලොරි රථ සහ වාණිජ කටයුතු සඳහා යොදාගැනෙන ට්‍රැක්ටර් රථ ඇතුළු වාහනවලට මෙම සීමාව අදාළ නොවන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සදහන් කළේ.

 

පුවත යවන්න