ඉන්ධන බෙදා හැරීම යළි ඇරඹෙයි

ඉන්ධන බෙදා හැරීම යළි ආරම්භ කර ඇති බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික බවුසර රථ හිමියන්ගේ සංගමය පවසනවා.
කෙසේ වෙතත් ඉන්ධන පිරවුම්හල්වල පවතින තදබදය අවසන් වීමට තවත් දින දෙකක කාලයක් ගතවනු ඇති බව සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා පැවසුවා.

ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ප්‍රවාහන ගාස්තු ඉහළ නොදැමීමට එරෙහිව අප්‍රේල් 30 වැනිදා සිට සේවයෙන් ඉවත් වීමට ලංකා ඛනිජ තෙල් පෞද්ගලික බවුසර රථ හිමියන්ගේ සංගමය තීරණය කර තිබුණා.

ඊයේ පස්වරුවේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාලනාධිකාරිය හා සංගමය අතර සාකච්ඡාවක් පැවති අතර එම එකගතා මත වර්ජනය නිමා කර තිබුණා.

ප්‍රවාහන ගාස්තු සියයට 30කින් වැඩි කිරීමට පරිපාලනය එකඟ වූ බවයි ලංකා ඛනිජ තෙල් පෞද්ගලික බවුසර රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා පැවසුවේ.

වැඩවර්ජනය සමග ඉන්ධන සැපයුම අඩපණ වූ අතර ඉන්ධන පිරවුම්හල් අසල දැඩි තදබදයක් වාර්තා වුණා.

පුවත යවන්න