ඉන්ධන මිල ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

ඉන්ධන මිල වැඩි කරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වු ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුවෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

ඉන්ධන හිගයක් නොමැති බවත් ඉන්ධන මිල ඉහළ දැමීමේ අදහස් නොමැති බවත් උදය ගම්මන්පිල මහතා සදහන් කළා.

ලෝකයේම තෙල් මිල වැඩිවන අවස්ථාවක මෙරට ජනතාව වෙනුවෙන් රජය ඉන්ධන මිල වැඩි නොකර සිටින බවයි අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සදහන් කළේ.

පුවත යවන්න