ඉන්ධන මිල සහනයක් ලබාදීමට සාකච්ජා

ඉහළ දැමු ඉන්ධන මිලෙන් පීඩාවට පත් පාර්ශව කිහිපයක් වෙත සහන සැලසීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇති බව රජය පවසනවා.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ, බස් ගාස්තු සංශෝධනයකින් තොරව බස් හිමියන්ට සහන සැලසීමට ක්‍රියාකරන බවයි.

ඒ සම්බන්ධයෙන්, අදාළ පාර්ශව සමග තවදුරටත් සාකච්ඡා කරමින් ඇතැයි ද ඔහු අනාවරණ කළා.

මේ අතර ධීවරයින් සඳහා සහන සැලසීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ධීවර අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සඳහන් කළේ, රුපියල් 7 ක් දක්වා සහන සැලසීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බවයි.

ඒ අනුව මේ වනවිට රුපියල් 77 ක් ව පවතින භූමිතෙල් ලීටරයක්, ධීවරයින් වෙනුවෙන් රුපියල් 70 ක් වැනි මිලකට ලබා දීම කෙරෙහි අවධානය යොමු ව ඇතැයි ඔහු සදහන් කළා.

 

පුවත යවන්න