කොරෝනා වයිරසය ආසාදනයවී මියයන පුද්ගලයින්ගේ මළ සිරුරු ඉරණතිව් දූපතේ භූමදානය කිරීම සදහා රැගෙනයාමේදී අනුගමනය කළ යුතු විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත්කර තිබෙනවා.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මාර්ගෝපදේශ මාලාවේ පිටපත් පාර්ශ්ව 16 ක් වෙත යොමුකර ඇති බව සදහන්.
මාර්ගෝපදේශ මාලාවට අනුව මරණකරුගේ ඥාතීන් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයාට ඒ බව නොපමාව දැනුම්දිය යුතු වෙනවා. එය ලිඛිතව සෞඛ්‍ය නිලධාරීන් අදාළ ඥාතීන් වෙත ලබාදිය යුතුයි. සෞඛ්‍ය නිලධාරීන් ලබාදෙන ලිපි ලේඛන මෘත දේහ ඉරණතිව් දක්වා රැගෙන යාමට වලංගු වනවා. මෘත දේහ ගෙනයාම සදහා අවශ්‍ය පෙට්ටිය මියගිය අයගේ ඥාතීන් විසින් සැපයිය යුතුයි. දේහය රැගෙන එන අවස්ථාව ඡායාරූපගත කිරීම හෝ වීඩියෝගත කිරීම සපුරා තහනම්.
කොළඹ නගරයේ නම් කරන ලද ස්ථානයකට දේහය ගෙන ඒමෙන් පසු දිනපතා අලුයම 5.30 ට නච්චිකුඩා ජැටිය දක්වා මෘතදේහ ප්‍රවාහනය කෙරෙනවා. මෘත දේහ හදුනා ගැනීමට රෝහලට පැමිණි ඥාතීන්ගෙන් දෙදෙනෙකුට පමණක් ඒ සමග ඉරණතිව් දූපතට යාමට අවසර හිමිවනවා. අදාළ ඥාතීන් නිරෝධායන නීතිවලට දැඩි ලෙස අනුගත විය යුතු අතර සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සමග සහයෝගයෙන් ක්‍රියා කළ යුතුයි. කිසිදු හේතුවක් මත මෘතදේහය ඇතුළත් පෙට්ටිය විවෘත කිරීමට අවසර හිමිවන්නේ නැහැ. අවසන් කටයුතු ඥාතීන් දෙදෙනෙකු මෙන්ම සෞඛ්‍ය හා ආරක්ෂක නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පමණක් සිදු කළ යුතු බවයි මාර්ගෝපදේශවල සදහන් වන්නේ.