ඉරානයට ගුවන් යානා ලබාදීමට චීනය අකමැත්තෙන් ?

තෙල් හෝ ස්වාභාවික ගෑස් සඳහා හුවමාරුවක් ලෙස ඉරානයට සිය ජේ 10 සී සැහැල්ලු ප්‍රහාරක ජෙට් යානා ලබා දීමට බීජිනය පසුබට නොවන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසනවා.
එම වාර්තා පෙන්වා දෙන්නේ චීනයේ ප්‍රහාරක යානා 36ක් වෙළඳ හුවමාරුවක් සේ ලබා ගැනීමට ඉරානය උත්සාහ දරන බවයි.
ඒ මුදල් සොයාගැනීමේ දුෂ්කරතාවය හා සම්බාධක පනවා පැවතීම මතයි.
බීජිංහි පිහිටි මිලිටරි විද්‍යා හා තාක්‍ෂණ ආයතනයක් වන යුවාන් වැන්ග් හී, ෂෝ චෙන්මින්ගේ අදහස වන්නේ මෙවන් ගිවිසුමකට චීනයේ ඇල්ම අවම බවයි.
ඩොලර් හෝ යුරෝ මුදල් ගෙවිය නොහැකි ඉරානය හා මෙවන් දැවැන්ත ගණුදෙනුවක දී ඒ වෙනුවෙන් තෙල් ලබා ගැනීම ප්‍රායෝගික නොවන බව ද එම වාර්තාව පැවසුවා.

පුවත යවන්න