රජයේ පාලන මිල යටතේ සතොස හරහා කුකුළු මස් මිලදී ගැනීමට හැකි බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ,පාලන මිල ඉක්මවා කුකුළු මස් අලෙවි කරන පාර්ශ්වවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.
මේ වන විට වෙළදපල තුල කුකුළු මස් මිල ඉහළම අගයකට පත්ව ඇති බවටයි චෝදනා එල්ලවන්නේ.
උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් මේ දක්වා වාර්තා වී නොමැති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සදහන් කළා.