ඊයේ කොරෝනා මරණ 98ක් / දිනයක වැඩිම මරණ සංඛ්‍යාවයි

මෙරටින් තවත් කොරෝනා මරණ 98ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද තහවුරු කර තිබෙනවා.
ඒ් අතරට කාන්තාවන් 44 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 54 දෙනෙකුද ඇතුලත්.
ඊයේ දිනයේ තහවුරු කර ඇති එම මරණ 98ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,919ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 70 දෙනෙකු සිටි බව සදහන්.

පුවත යවන්න