ඊයේ දිනයේ දී මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 1,825 දෙනෙකු හඳුනා ගැණුනා.
අලුතින් හඳුනා ගත් කොරෝනා ආසාදිතයින් 1,825 දෙනා අතුරින් 24 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණි අයයි. එමෙන්ම වැඩිම ආසාදිතයින් පිරිසක් ඊයේ දිනයේ හමුවී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 407 ක් වනවා. කොළඹින් 346 දෙනකු, කළුතරින් 183 දෙනෙකු සහ මඩකලපුවෙන් 113 දෙනෙකු හදුනාගෙන තිබෙනවා. මේ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 251,751 දෙනෙකු දක්වා ඉහළ ගියා. මේ අතුරින් 216,840 දෙනෙකු සුවය ලැබුවා. පුද්ගලයින් 32,049 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා.
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ගොඩකවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කර්මාන්තශාලා දෙකක් වසා දැමීමට ගොඩකවෙල මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගත්තා. මාදම්පේ වලව්කඩේ ප්‍රදේශයේ පිහිටි තේ කර්මාන්ත ශාලාවක සේවකයින් දස දෙනෙකු PCR පරීක්ෂණවලට ලක්කළ අතර එයින් 9 දෙනෙකුම කොරෝනා ආසාදිතයින් බව හඳුනාගෙන තිබෙනවා.
මේ අතර කොරෝනා ආසාදිත පුද්ගලයෙකු තැනින් තැන සැඟවී සිට ඔහු සේවය කරන මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය වෙත ඊයේ පැමිණ තිබෙනවා. පසුව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ උපදෙස් මත පිළියන්දල රෝහල වෙත රැගෙන යාමට ක්‍රියා කෙරුණා.
බගවන්තලාව නගරයේ වෙළෙදසැල් 19 ක ව්‍යාපාරිකයින්ට හා වෙළෙඳ සහායකයින්ට කොරෝනා ආසාදනයවීම හේතුවෙන් එම වෙළෙදසැල් තාවකාලිකව වසාදමා තිබෙනවා. අහඹු ලෙස සිදුකළ PCR පරීක්ෂණවලදීයි මෙම පිරිස හඳුනාගෙන ඇත්තේ.