දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඇති වූ කලහකාරී තත්ත්වයන් හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 8 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙලෙස මියගිය පුද්ගලයින් අතර දේශපාලනඥයින් දෙදෙනෙකු ද වනවා.
ඉන් එක් අයෙකු වන්නේ ඊයේ නිට්ටඹුව ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියෙන් මියගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමකීර්ති අතුකෝරලයි.
අනෙක් පුද්ගලයා ඉමදූව ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.වී. සරත් කුමාරයි.
ඉමදූව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවසට ඊයේ රාත්‍රී ප්‍රහාරයක් එල්ල වී ඇති අතර එම අවස්ථාවේදී තුවාල ලැබූ සභාපතිවරයා ඉමදූව රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිටි බව පොලිසිය සදහන් කළා.
මීට අමතරව ආරක්ෂක අංශ නිලධාරින් දෙදෙනෙකු ද කලහකාරී තත්ත්වයන් හේතුවෙන් මියගොස් තිබෙනවා.
සාමාන්‍ය වැසියන් සිව් දෙනෙකු මෙම කලහකාරී තත්ත්වයන් හේතුවෙන් මියගොස් ඇති අතර අද උදෑසන ගාලු මුවදොර විරෝධතාවයේ නිරතව සිටි පුද්ගලයෙකු හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් තිබුණා.
මේ අතර ගාලු මුවදොර පිටියේ සහ අරලියගහ මන්දිරය අසල සිදු වූ ගැටුම්වලින් තුවාල ලැබූ පුද්ගලයින් 219 දෙනෙකු මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග සදහන් කළා.