ඊශ්‍රායල ප්‍රහාරයකින් ප්‍රබල හිස්බුල්ලා ප්‍රධානියෙක් මියයයි

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ප්‍රබල හිස්බුල්ලා ප්‍රධානියෙකු මිය ගොස් තිබෙනවා.

මෙය තවත් යුද්දයක් පිළිබඳ භීතියක් ඇති කරවන්නක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ලෙබනනයේ බීරුට් අගනුවර වෙත ඊශ්‍රායල අද එල්ල කර ඇති මෙම ප්‍රහාරයෙන් මිය ගොස් ඇත්තේ හිස්බුල්ලා ‍ඊබ්‍රහිම් අකිල් නැමැති හමුදා නිලධාරියෙක්.

මෙම ප්‍රහාරයෙන් තවත් හමුදා නිලධාරින් කිහිපදෙනෙකු ඇතුලු 14 දෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මැදපෙරදිග කලාපයේ සිදුවන මෙම විනාශයන් දැඩි ගැටමුක අවදානමක් පවතින බවට ජගත් සංවිධානය ද අනතුරු අඟවා තිබෙනවා.

ඊශ්‍රායලය විසින් පසුගියදා ලෙබනනයේ හිස්බුල්ලා සාමාජිකයන්ට අයත් පේජර් සහ වෝකිටෝකි යන්ත්‍ර පුපුරුවා හැරීමෙන් 37 දෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලැබුවා.

පුවත යවන්න