ඊශ්‍රායලය නවතම යුද ටැංකි නාශක මිසයිලයක් අත්හදා බලා තිබෙනවා.
6 වන පරම්පරාවට අයත් තාක්ෂණයෙන් යුක්තවයි මෙම මිසයිලය නිෂ්පාදනය කර ඇත්තේ. කිලෝමීටර 50 ක දුරට විදීමට හැකි පරිදී එය සකස් කර ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කළා. රජයට අයත් රෆායල් උසස් ආරක්ෂක ආයතනය එය නිෂ්පාදනය කර තිබෙනවා. ඉතා නිවැරදි ආකරයෙන් ඉලක්ක ලබා ගැනීමට හැකිවීම මෙම මිසයිලයේ විශේෂත්වයයි. ගුවන්යානා වල සිට ප්‍රහාර එල්ලකිරීමට හැකි පරිදී එය සකස් කර තිබීම විශේෂත්වයක් බව යුද විශ්ලේෂකයන් පවසනවා.