උණ රෝග ලක්ෂණ සහිත ළමුන් රෝහල්ගතවීම ඉහළට..

ඩෙංගු සහ වෛරස් උණ වැළඳුණු ළමුන් රෝහල්ගත වීම ඉහළ ගොස් ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ ජී.විජේසූරිය මහතා පැවසුවේ, මේ වනවිට ඩෙංගු රෝගය වැළඳුණු ළමුන් 30 ත් 35 ත් අතර සංඛ්‍යාවක් රෝහල්ගතව සිටින බවයි.

ළමුන් පාසල් යැවීමේදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරන්නැයි ද ඔහු දැනුම් දෙයි.

පුවත යවන්න