Skip to content
උතුරු කොරියානු හමුදා භටයන් 50,000 ක් යුක්රේන යුද්ධයේ සටන් කිරීමට යොමුකරන ලෙස රුසියාව ඉල්ලීමක් සිදුකර ඇතැයි රුසියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මතුවන ඉදිරි අවශ්‍යතා අනුව මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි එම වාර්තා සදහන් කළේ.
මේ පිළිබද උතුරු කොරියානු රජයේ ප්‍රතිචාරය මේ දක්වා හෙළිකර නොතිබුණද එයට එකගතාවය පලවනු ඇති බවයි පෙන්වා දී තිබුණේ.
මේ අතර ධවල මන්දිරයේ ආරක්ෂක උපදේශක ජෝන් කර්බි සදහන් කළේ රුසියාව උතුරු කොරියාවට ආහාර ලබාදී ආයුධ ලබා ගැනීමට සාකච්ජා සිදුකරන බවයි.
මෙය සිදුවිය හැකි ගණුදෙනුවක් වන අතර එය එක්සත් ජාතීන්ගේ සම්බාධක කඩ කිරීමක් වන බව ද දැනුම්දී තිබෙනවා.