දේශසීමා කලාපය හරහා තම රටට ඇතුළුවීමට තැත් කළ උතුරු කොරියානු ජාතිකයකු දකුණු කොරියාව විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
බී බී සී පුවත් සේවය වාර්තා කළේ ,බිම් බෝම්බ හා කටු කම්බි සහිත අධි ආරක්ෂිත දේශ සීමා කලාපය හරහා ආරක්ෂිතව මෙම පුද්ගලයා දකුණු කොරියානු කලාපයට පිවිසි බවයි.
පැය 3ක් පුරා ඔහු නිරීක්ෂණය කිරීමෙන් පසුව , දකුණු කොරියානු ආරක්ෂත අංශ භාරයට ගෙන තිබුණා.
සැකකරු ඔත්තු බලන්නකුද නැතහොත් පලා යන සිවිල් වැසියෙකු යන්න මොතක් අනාවරණවී නැහැ.
මෙම කලාපය හරහා සිවිල් වැසියන් පලා ඒම අතිශය දුර්ලභ වන අතර ඒ උතුරු කොරියාව විසින් රටින් පලා යන්නන් හදුනාගත් සැණින් ඝාතනය කිරීම මතයි.
ඒ අනුව පලා ආ පුද්ගලයාගෙන් ප්රශ්න කිරීම අරඹා තිඛෙනවා.
ඉකුත් නොවැම්බර් මාසයේදීත් මෙවන් සිදුවීමක් වාර්තා වූ අතර එහිදී පලාවිත් තිබුණේ උතුරු කොරියානු හමුදා සෙබලකු හා ඔහුගේ පෙම්වතියයි.
එහෙත් දේශසීමාව ආසන්න ජලාශයකට ඇද වැටීමෙන් සෙබලා මියගොස් තිබුණා.